රටම භීතියට පත්කළ බෝම්බ බිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න.

Police spokesman Sri Lanka India
By Aruna Oct 20, 2024 02:51 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන්වලට පසුගිය දින 06ක කාලය තුළ බෝම්බ තර්ජන 70ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම තත්ත්වයත් සමඟ ඉන්දීය ගුවන් සේවා ආරක්ෂක බළකාය, සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය ගුවන් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ (19) නවදිල්ලියේ දී මෙම ව්ශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි.

මිථුන,තුලා,ධනු සහ මකර යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..හේතුව මෙන්න.

මිථුන,තුලා,ධනු සහ මකර යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..හේතුව මෙන්න.


රජිව් ගාන්ධි භවන් හි පිහිටි සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ කාර්යාලයේ පැවති මෙම රැස්වීමේ දී මගීන්ට අපහසුතාවයක් සහ ගුවන් සමාගම්වලට පාඩු සිදුකරන තර්ජනවලට මුහුණ දීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මේ අනුව, ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාවේ විවිධ ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන්වලට බෝම්බ තර්ජන 30 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ විවිධ ගමනාත්ත දක්වා පියාසර කළ ගුවන් යානා කිහිපයකට හදිසි ගොඩබැස්සවීම් සිදුකිරීමට ද සිදුවිය.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (19) පස්වරුවේ විස්තාරා ගුවන් සේවයේ යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකෙරිණි.

මේ අතර මෙතෙක් කළ විමර්ශනයේදී මෙලෙස ලැබුණු ඇතැම් තර්ජන නිකුත් කළ IP (අන්තර්ජාල ප්‍රොටෝකෝලය) ලිපින ලන්ඩන්, ජර්මනිය, කැනඩාව සහ එක්සත් ජනපදයෙන් බවට සොයාගත් බවයි, ආරක්ෂක නිලධාරීන් පැවසුවේ.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.


කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ, තර්ජන කළ පුද්ගලයින්, ඔවුන්ගේ සැබෑ ස්ථාන සැඟවීමට VPN (අථත්‍ය පුද්ගලික ජාල) භාවිත කර ඇති බවට ද සැකයක් පවතින බවයි.