වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්
වැල්ලම්පිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ බේකරියක අද 21 වැනි දින පස්වරු 4 .45 ට පමණ හදිසියේම දරුණු ගින්නක් හටගෙන තිබේ.
මෙම ස්ථානයෙන් විශාල වශයෙන් දුම් සහ ගිනිදැල් මතු වීමත් සමඟ ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව හටගත් ගින්න තවදුරටත් පැතිර යා නොදී කඩිනමින් පාලනය කිරීම සහ නිවා දැමීම සඳහා මේ වනවිටත් නවීන ගිනි නිවීමේ රථ 2 ක් එම ස්ථානය වෙත වහාම යොමුකර ඇති බව වාර්තාවේ.
මෙම අනපේක්ෂිත සිද්ධියෙන් සිදු වූ දේපළ හානිය හෝ අනෙකුත් තොරතුරු මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් දැනටමත් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.