තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට

Report

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 66 කින් දරුණු ලෙස පරාජය කරමින් දෙරට අතර පැවැති තීරණාත්මක තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කීර්තිමත් ශූරතාව අභිමානයෙන් දිනාගැනීමට ප්‍රබල ඉන්දීය ඒ කණ්ඩායම සමත්විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉතාමත් උද්වේගකර අන්දමින් පැවති මෙම අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට හිමිවූ ලකුණු 378 ක අතිදැවැන්ත ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311 ක් පමණි.

වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්

වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්

ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දැඩි ලෙස අසරණ වූ අතර ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 98කට සීමාවෙයි

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 98කට සීමාවෙයි