කාලගුණයම උඩුයටිකුරු කරමින් අද උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

Report

රට තුළ පවතින වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් අද 21 වැනි දින මුළු දිවයිනේම ඉහළම සහ උපරිම වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 යි දශම 2 ක් ලෙස නිල වශයෙන් සටහන්වී තිබේ.

පොළොන්නරුව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් අද දින මෙරට උපරිම උෂ්ණත්වය මෙලෙස වාර්තා වී ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්

වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්

මේ අතර සමස්ත දිවයිනෙන්ම දෙවනුවට වැඩිම වායුගෝලීය උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ උතුරු පළාතේ මුලතිව් ප්‍රදේශයෙනි.

එහි උපරිම උෂ්ණත්ව අගය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 35 යි දශම 8 ක් ලෙසයි.

රජයෙන් වැටුප් දෙකක් ලබාගන්නා රජයේ සේවකයන්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන පැමිණිලි

රජයෙන් වැටුප් දෙකක් ලබාගන්නා රජයේ සේවකයන්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන පැමිණිලි

මෙම අධික උෂ්ණත්වය සහිත දේශගුණික තත්ත්වය හේතුවෙන් දෛනික කටයුතුවලදී ප්‍රවේශම් වන ලෙස ද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.