ලංකාවට අභිමානයක් ගෙන්වමින් මලයාසියා විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ තරිඳුට රන් පදක්කමක්

Report

2026 මලයාසියා විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දක්ෂ මලල ක්‍රීඩක තරිඳු දසුන් සමත්ව තිබේ.

ලොව වටා සිටින ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට මහත් ජාත්‍යන්තර අභිමානයක් අත්කර දෙමින් ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේය.

ටියුනීසියාව අන්දමන්ද වෙයි - ලෝක කුසලානයේ ජපානය කළ පෙරළිය මෙන්න

ටියුනීසියාව අන්දමන්ද වෙයි - ලෝක කුසලානයේ ජපානය කළ පෙරළිය මෙන්න

මෙවර තරගාවලියේදී මීටර 2 යි දශම 22 ක ඉහළ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට තරිඳු දසුන් සමත් වූ අතර එය ඔහුගේ සමස්ත ක්‍රීඩා ජීවිතයේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස ද නිල වාර්තා පොත් අතරට එක්වෙයි.

මීට පෙර මීටර 2.21 උපරිම දක්ෂතාවයක් දක්වා තිබූ ඔහු මෙවර ප්‍රදර්ශනය කළ මෙම ඉහළම දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උස පැනීමේ ඉසව්වේ ඉදිරි ගමන පිළිබඳව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් මෙන්ම පැසසුමක් දිනා ගැනීමට ද සමත්ව ඇත.

ක්‍රිකට් ලෝකයම හොල්ලමින් ජෝ රූට් තැබූ සුපිරි ලෝක වාර්තාව මෙන්න

ක්‍රිකට් ලෝකයම හොල්ලමින් ජෝ රූට් තැබූ සුපිරි ලෝක වාර්තාව මෙන්න