ටික් ටොක් සහ අන්තර්ජාල ක්‍රිඩා තහනම් වෙයි - හේතුව මෙන්න..
By krishani
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් ටික් ටොක් කෙටි වීඩියෝ හුවමාරු යෙදවුම භාවිතය තහනම් කර තිබෙනවා.
එමෙන්ම නාඳුනන ප්‍රතිවාදීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෙදෙන පී.යූ.බී.ජී. වීඩියෝ ක්‍රීඩාවද මෙලෙස තහනම් කිරීමටයි තලේබාන්වරුන් පියවර ගෙන ඇත්තේ.
ඊට අමතරව ඔවුන් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බවයි තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කළේ.
ටික් ටොක් සහ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා තුළින් තරුණ පෙළ වැරදි මාවතකට යොමුකරන බව තලේබාන්වරුන්ගේ අදහසයි.
ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |