දැවැන්ත පිපිරීමක්,10ක් ජිවිතක්ෂයට - හදිසි තත්ත්වයක්..

By krishani Apr 29, 2022 10:48 PM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ රාමදාන් උත්සව සමයේ යාඥාවල නිරත බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මෑත කාලීනව ප්‍රහාර රැසක් සිදුවූ බවයි.

පිපිරීම සිදුවන අවස්ථාව වන විට දේවස්ථානයේ විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන් වේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශකර ඇත්තේ මියගිය සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි. ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කුමන පාර්ශවයක් විසින් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පසුගිය සති කිහිපය පුරා ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් රැසකින් සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් මරණයට පත්වූ අතර එම ප්‍රහාරවල චෝදනාව එල්ලවූයේ අයි එස් සංවිධානයටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join