ඊයේ දිනයේ දී සිදුවූ මාරක අනතුරු
accident
mavanella
athurugiriya
homagama
By Sewvandhi
හෝමාගම සහ මාවනැල්ලේ සිදුවු අනතුරුවලින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ හෝමාගම - අතුරුගිරිය මාර්ගයේ හෝමාගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී එක් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකාරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගැමුණූමාවත, හෝමාගම ලිපිනයේ පදිංචි අයෙකි.
මේ අතර, කොළඹ - නුවර මාර්ගයේ කිලෝ මීටර 99 කණුව අසල දී මහනුවර දෙසට ධාවනය වු බස් රථයක පිටුපස දොරෙන් බිමට වැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....