තරුණ යුවලක් මුළු ප්‍රදේශයක් හඬවමින් යළි නොඑන ගමන් යයි..පැයකට කලින් කතා කරල කියපු දේ..

Sri Lanka Police Matara Accident Death
By Aruna Sep 26, 2024 07:05 AM GMT
Aruna

Aruna

Report

වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් පැවති උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි ගුරුවරියක් සහ ඇයගේ සැමියා රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

මෙම අනතුරට මුහුණ දී තිබුණේ, පිටබැද්දර මෙදේරිපිටිය පාසලේ වසර 5ක පමණ සේවය කළ ගුරුවරියක් වෙනත් පාසලකට මාරු වීම හේතුවෙන් පැවති උත්සවයෙන් අනතුරුව සිය සැමියා සමග නිවස බලා යමින් සිටියදී අකුරැස්ස, සියඹලාගොඩ, පිටබැද්ද මාර්ගයේ දී ය. ඒ ඔවුන් රැගත් යතුරු පැදිය සුඛෝපභෝගී වෑන් රථයක ගැටීම හේතුවෙන්.

එම අවස්ථාවේදීම තුවාලකරුවන් රෝහල් ගතකිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත් අතර, සිද්ධිය දුටුවන් පැවසුවේ, තුවාලකරුවන් රෝහල්ගත කිරීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වූ බවයි.

"ට්‍රාන්සර් එක අරගෙන යන ගමන් තමා ඇක්සිඩන්ට් එක සිද්ධවෙලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා දෙනියාය කලාපයේ දෙනිපිටිය ඉස්කෝලේ වැඩ කරේ.

ඇක්සිඩන්ට් එක වෙන්න පැයකට කලින් කතා කරලා කිව්වා ට්‍රාන්සර් එක අරන් යන ගමන් කියලා.

ටික වෙලාවකින් මට කතා කරා ඇක්සිඩන්ට් වෙලා නැති වුණා කියලා." "මහ සද්දයක් ඇහුණා.

අපි දුවගෙන ආවා. මෙතැන බයික් එකක් පෙනුනේ නෑ. වාහනයට සම්පූර්ණයෙන්ම යටවෙලා තිබුණේ.

ඊට පස්සේ ගමේ කට්ටිය එකතුවෙලා, වාහනේ උස්සලා යටින් බයික් එක ඇදලා තමා එළියට ගත්තේ. ඩ්‍රයිවර්ට කිව්වා ලෙඩ්ඩු ගෙනියන්න කියලා.

එයා වාහනේ වටේ කැරකුණා මිසක් ඕනකමක් කරේ නෑ. විනාඩි 20ක් විතර පරක්කු වුණා. පාක් එකේ වීල් එකක් කතා කරගෙන අකුරැස්සට අරන් ගියා."

"මම එක්කරන් ගියේ ගෑනු එක්කෙනාව. ගෙනියන්න වාහනයක් තිබුණේ නෑ ඒ වෙලාවේ. ට්‍රාන්සර් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ තෑගි පවා බයික් එකේ තියෙනවා."

තුවාලකරුවන් අකුරැස්ස රෝහලට රැගෙන ගියත් ඔවුන් ජීවිත බේරා ගැනීමට හැකිවී නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස සහ ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති දෙදෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය ධාවනය කළ ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු බීමත්ව සිටියේදැයි පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇත.

ReeCha