අණ නොතකා ධාවනය කළ ටිපර් රථය ගුරුවරියක් හප්පා පළා ගිය හැටි(වීඩියෝ)

Police Accident Jaffna Teacher
By Aruna Apr 23, 2021 07:29 AM GMT
Report

යාපනය, වඩමාරච්චි තික්කම් ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී පොලිස් අණ නොතකා ධාවනය කර ඇති ටිපර් රථයක් යතුරුපැදියක ගැටී ගුරුවරියක් තුවාල ලබා තිබේ.

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් යතුරුපැදිවලින් අදාළ ටිපර් රථය පසුපස හඹාවිත් ඇති අතර, වේගයෙන් ධාවනය වන ටිපර් රථය වංගුවක් ගැනීමේ දී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුරට පත්වේ.

යතුරුපැදිය ධාවනය වු පැත්තෙහි වු තල් වැටට හිරවන අතර, යතුරුපැදිකාරියගේ පාදයට තුවාල සිදුව තිබේ. ටිපර් රථය නොනවත්වා ධාවනය කරන අතර පසුපස හඹා එන පොලිස් නිලධාරීන් ද ටිපර් රථය පසුපස ගමන් කරයි.

කෙසේවෙතත් අනතුරට පත් කාන්තාව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව රෝහල් ගතකර තිබේ.

අනතුර සිදුකර පළා ගිය ටිපර් රථය හෝ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නොමැත.

ටිපර් රථය වේගයෙන් පැමිණ යතුරුපැදියේ ගැටී අනතුර සිදුවන අයුරු ඒ ආසන්නයේ වු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.