තනියම ගිය සුරූපී පොලිස් කොස්තාපල්වරිය සිදුවූ අවාසනාවන්ත ඉරණම..(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Accident Death
By Aruna Oct 11, 2023 06:25 AM GMT
Aruna

Aruna

Report

අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම පංසල අසලදී යතුරුපැදියක් හා ටිපර් රථයක් එකිනෙක ගැටිමෙන් ඊයේ(10) දින පෙරවරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් බවයි වාර්තා වන්නේ.

ඇය නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව තිබුණා.

මීට අදාල ඡායාරූපයන් පහතින්,

GalleryGalleryGalleryGalleryGallery
ReeCha