වහා, කොළඹ පාරවල් ගැන ගත් තීරණය මෙන්න.. මේ ගැන දැනගෙනම ඉන්න..

Sri Lanka Police Colombo Independence Day Latest Headlines Decision Making
By krishani Feb 04, 2025 01:43 AM GMT
krishani

krishani

Report

නිදහස් දින සැමරුම සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (03) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ දී පැවැත්විණ.

එහිදී මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අදහස් දැක්වීය.

අද (04) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිදහස් දින සැමරුම  පැවැත්වීමට නියමිතය.

ඒ හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..

මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

ඒ අනුව, පහත මාර්ගයන් අද වසා තැබෙයි.

බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම, ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම, විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම, ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම, ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම, නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම), නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

ඉහත වසා ඇති මාර්ගයන් වෙනුවට  පහත විකල්ප මාර්ග භාවිතා කළ හැකි වේ,

නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට, හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතටත්, බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසටත්, විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසටත් ගමන් කල හැකි‍ වේ.

කෙසේ වෙතත්, පොලීසිය සදහන් කළේ එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනන්‍යතාව තහවුරු කිරීම්වලින් පසුව රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකි බවය.

You May Like This Video👇 

ReeCha