පුතා එවූ මුදල්...අම්මා ගේ බෑගයෙන් සොරාගත් හැටි කැමරා කාචයේ සටහන් වූ අයුරු(CCTV VIDEO)

GOVERMENT BANK CCTV VIDEO IMADUWA AHANGAMA
By Sewvandhi Nov 25, 2021 08:42 AM GMT
Report

කාන්තාවකගේ අත්බෑගයේ තිබු රුපියල් ලක්ෂ 02ක මුදලක් සොරකම්කළ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ඉමදුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ සැකකාර කාන්තාව ඉමදුව, නගරයේදී බස්රථයකට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ බෑගයේ තිබු රුපියල් ලක්ෂ 02ක මුදලක් එලෙස සොරකම් කර ඇත.

විදේශතව සිටින තම පුතා විසින් නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා එවූ රුපියල් ලක්ෂ 02ක මුදල ලබාගැනීමට අදාළ කාන්තාව ඉමදුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත පැමිණ තිබුණි.

පසුව නිවසට යෑම සඳහා අහංගම දෙසට ධාවනය වු ලංගම බස්රථයකට ගොඩවීමට යන අතරතුරේදී සැකකාර කාන්තාව විසින් අත්බෑගය තුළට අත දමා එම මුදල සොරකම් කරතිබුණි.

එම සොරක සිදුකරන අයුරු අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරා වේ සටන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW