හමුදා සෙබළාගේ මරණ පරීක්ෂණයට ගිය පිරිසකට ප්‍රහාරයක්..ගමක් උණුසුම් කරමින් 10කට සිදුවූ දේ.(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Army Sri Lanka Police
By Aruna Dec 03, 2023 03:58 AM GMT
Aruna

Aruna

Report

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේදෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා.

බඹරුන්ගේ ප්‍රහාරයෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ගම් වාසීන් හය දෙනකුට ද මෙම ‍බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

ගම්පොල සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී මෙම පොලිස් කණ්ඩායම ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව ඇති බව වාර්තා වේ.

බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති මෙම පිරිස විවිධ පැති වලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුලට ඇතුලු වෙමින් බේරී ඇති මුත් ඒ වනවිටත් පිරිස සෑහෙන බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.

GalleryGallery
ReeCha