නගරයක් මැද සියල්ලන් බලා සිටිය දී ම පුද්ගලයෙක්ට බිහිසුණු කඩු ප්‍රහාරයක් - බේරෙන්න දිවයන අතරතුර එකවරම ඔහු ඇද වැටෙයි.. සියල්ල CCTV වල පටිගත වෙලා?. එහි සිදුවුණ දෙය..
Sri Lanka Police
Kalutara
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
By krishani
කළුතර නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක් එල්ල වී එයින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක්ට වන අතර ඔහු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් වේ.
ඔහුගේ දෙඅත්වලට පිට ප්‍රදේශයට කඩු ප්‍රහාර 3ක් එල්ල වී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මොහු පහර කෑමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිවගොස් ඇත.
එම අවස්ථාවේ දී ඔහු මග ඇදවැටී ඇති අතර එම ස්ථානයේ රැස්ව සිටි පිරිස එක්ව ඔහුව කඩිනමින් රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් කළුතර දකුණ පොලිසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
