ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් දේශ සීමාවක් ආසන්නයේ..
ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් බෙලරුසියානු සහ ලිතුවේනියානු දේශ සීමාව ආසන්නයේ තිබී සොයා ගත් බව බෙලරුසියාවේ මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ ශ්‍රී ලාංකිකයාගේ මළ සිරුර ඔක්තෝබර් 5 වන දා හමුවී ඇත්තේ, ලිතුවේනියානු දේශ සීමාවට මීටර් 500ක් පමණ බෙලරුසියාව දෙසට වන්නට පිහිටි වන ලැහැබකදීය.
එම ස්ථානයේ තිබී ඔහුගේ ජංගම දුරකතනය, බැංකු කාඩ්පත් සහ ලියකියවිලි කිහිපයක් සොයාගෙන ඇති අතර ඒවායින් හෙළි වී ඇත්තේ, අදාළ පුද්ගලයා 29 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවය.
"දැනට තියෙන තොරතුරු අනුව පෙනී යන්නේ ඔහු ලිතුවේනියාවේ ආරක්ෂක හමුදාව සමග සම්බන්ධ අයෙකු බවත් කිහිප වරක් ම නීතිවිරෝධී ලෙස බෙලරුසියාවට ඇතුළු වෙන්න උත්සහ දරල තියෙන බවත්.
මේ ගැන විමර්ශනයක් ක්‍රියාත්මකයි," Polotsk දේශ සීමා ආරක්ෂක කණ්ඩායමේ නිල නියෝජිතයෙකු වන ඩෙනිස් ග්ලෙබ්කෝ පවසා තිබේ. මෙම ශ්‍රී ලාංකිකයා මරණයට පත්වීමට බලපෑ හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |