මාස්ක් එක දාගන්න කියූ PHI ට උදලු ප්‍රහාරයක්...බරපතල තුවාල ලබා රෝහලේ..
වාලච්චේන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදැල්ලකින් පහරදුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බරපතල තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.
සැකකරු මුව ආවරණයක් නොපැළඳ සිටීම හමුවේ එය පළඳින ලෙසට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ සෞඛ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට පහරදීම, අඩන්තේට්ටම් කිරීම මෙන්ම සාපරාධී බලහත්කාරය පෑම යන කරුණු සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මෙම පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වාලච්චේන පොලිසිය විමර්ශණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |