අද සෑම නිවසකම කළුකොඩි ඔසවන්නැයි ඉල්ලීමක්

ester attack black flags kochchkade shangrilla
By Sewvandhi Aug 21, 2021 03:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද (21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණි.

ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබේ.

අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඤා මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම පස්වරු 7 සිට 8 දක්වා නිවාසවල සිට ජපමාලය උච්චාරණය කර යාඤා කරන ලෙස ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව පවසයි.

වත්මන් රජය ජනතා ප‍්‍රශ්නවලට සංවේදී නොවීමේ සහ විද්වත් මතයට ඇහුම්කන් නොදීමේ සිය ආකල්පය වෙනස් කර නොගතහොත් පාස්කු ඉරු දින එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට පමණක් නොව පවතින කොවිඞ් වසංගතය ආදී රටේ පවතින සෙසු ප‍්‍රශ්නවලට ද විසඳුම් සෙවීමට ද නොහැකි වනු ඇති බවයි කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 


ReeCha