කසල ගොඩ පිපිරුව කිව්වට තුවාල කරු යමක් වසන්කරන්නේ දැයි සැකයක්..

Sri Lanka Police Kandy Sri Lanka
By Piyumika Sep 17, 2024 09:02 AM GMT
Piyumika

Piyumika

Report

සක කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට තිබෙන බව පොලිසිය පවසනවා.

දඹ රන් පිළිමය කොල්ල කන්න ආපු හොරුන් ඇල්ලූ මහා මෙහෙයුම..(PHOTO)

දඹ රන් පිළිමය කොල්ල කන්න ආපු හොරුන් ඇල්ලූ මහා මෙහෙයුම..(PHOTO)

මහනුවර, වත්තේගම, පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතවයි සිදුවීම වාර්තා වන්නේ. තුවාලකරු ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පිපිරීම නිසා තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් නබ පොලිසිය පැවසුවා. පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වාහන තිස් එකට මොනවද වුනේ කියලා තවමත් තොරතුරු අනාවරණය කර නෑ..

මේ වාහන තිස් එකට මොනවද වුනේ කියලා තවමත් තොරතුරු අනාවරණය කර නෑ..

තුවාලකරු මෙම පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබෙනවා.

ඒ අනූව වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.