කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයකට රජය සැරසෙයි...
අද (17) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
එහි දී, කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය.
එමෙන් ම, මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව පැවසිය.
එමෙන් ම, එම තෝරාගත් කොට්ඨාශවල මුල් අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාව ඇති බවත් , ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා සිටියේ ය.
එමෙන් ම, අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරන අතර, 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතු බවත් පැවසිය.
ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළ යුතුය යන්න එතුමා මෙහි දී අවධාරණය කළේ ය.
ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙළා ගැනීමට අවශ්‍ය තාක්ෂණය භාවිතා කළ යුතු බව සහ ඊට නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍ය බව පැවසී ය.
ඉන් පසු , අවසාන වශයෙන් අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව ජනාධිපතිතුමා විශ්වාස කරන බව ද පවසා ඇත.
