නුවන්ධිකා සේනාරත්නට හිමි වූ අමතක නොවන අවස්ථාව [VIDEO]
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරම්භ වූ අතර එහි ප්‍රථම තරගය ලෙස ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ බිමට එක්වුණා.
මෙහිදී, තරගයට පෙර සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව හිමි වුණේ ශ්‍රී ලාංකික තරුණ සම්මානනීය ගායන ශිල්පිනියක් වන නුවන්ධිකා සේනාරත්න හටයි.
මෙය වඩාත් සුවිශේෂී අවස්ථාවක් වූයේ ඇයට මෙම අවස්ථාව හිමි වුණේ ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පිණී ශ්‍රේයා ඝෝෂාල් සමග වීම නිසායි. ඒ අනුව නුවන්ධිකා ශ්‍රී ලාංකික ජාතික ගීය ගායනා කරන විට අනෙක් පසින් ශ්‍රේයා ඝෝෂාල් ඉන්දීය ජාතික ගීය ගායනා කිරීම නිසයි..
ලෝකයේම අවධානය යොමු වූ අවස්ථාවක ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඔසවා තැබූ අවස්ථාවක් බවට පත් වූ මෙය වඩාත් සුවිශේෂී මොහොතක් වුණා ශ්‍රී ලාංකීය හැගීම හදවතට දන්වන්නට සමත් වූ ආඩම්බරකාර මොහොතක් වු බවයි බොහෝ දෙනාගේ අදහස වුණේ.