මෙම පුංචි සාමණේර හිමියන් දුටු සැනින් පොලිසියට දැනුම් දෙන්න.(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Missing Persons
By Aruna Dec 02, 2023 05:32 AM GMT
Aruna

Aruna

Report

බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැති බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

බුලත්සිංහල හල්වතුර සුධම්වර්ධනාරාමාධතිපති කොස්ගල සිරිධම්ම හිමියන් විසින්, ගෝවින්න රැටියල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සාමණේර හිමියන් ඉකුත් (21) දා රාත්‍රියේ සිට විහාරස්ථානයේ නොමැති බවට බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම සාමණේර හිමියන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0342282292, 0775155744, 078594395 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාට හෝ ලඟම ඇති පොලිස්ථානය⁣ට දන්වන ලෙස බුලත්සිංහල පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

මෙලෙස හදිසියේ අතුරුදහන් වූ සාමණේර හිමියන්ගේ ඡායාරූපය පහතින්,

GalleryGallery
ReeCha