ඇනලද? ඇනිලද? - මාධ්‍යවේදියකුට මරු කැඳවූ සංවේදී සිදුවීම(VIDEO)
By Wayomi
මාධ්‍යාවේදියකුට තියුණු ආයුධයකින් ඇනීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යවේදියකු වන අතර තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මෙලෙස මියගොස් ඇති බවයි වේයන්ගොඩ පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි 36 හැවිරිදි මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ, නැමැති දෙදරු පියෙක්.
මෙම පුද්ගලයා කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සහ රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණ ඇති අතර එහිදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.
එම අවස්ථාවේදී එහි හිමිකාර යුවල විසින් ම තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්,