මෙරට දරුවන් අතර ව්‍යාප්ත වන වෛරසයක් ගැන සෞඛ්‍ය අංශ වලින් අනතුරු අඟවයි.
මෙරට දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි.
ඒ, අනුව ඔවුන් පෙන්වා දෙන්නේ , දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසත්ය.