රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරේ තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට කඩා වදී..සිදු වූ සියල්ල පටිගත වෙයි.(VIDEO)

World
By Aruna Jan 10, 2024 04:05 AM GMT
Aruna

Aruna

Report

ඉක්වදෝරයේ රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් එම මැදිරියකට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

වැඩසටහන් ඉදිරිපත් කරන්නා ඇතුළු අනෙකුත් පිරිස් වෙත හිසට තුවක්කු එල්ල කරමින් ඔවුන්ට තර්ජනය කරන ආකාරය විදෙස් මාධ්‍ය අදාළ සජීවී දර්ශන උපුටා දක්වමින් පෙන්වා දෙයි.

පසුව තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් කිහිප දෙනෙකු මැදිරියෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත්, පොලිසිය විසින් අදාළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්,


Sponsored By Sarrita Jewellery


Gallery
ReeCha