25 හැවිරිදි සුරූපී තරුණියකගේ මිහිදන් කළ මළ සිරුරක් පිරිසක් එක්ව ගොඩ ගෙන නිරුවත් කරයි..අමනයින් පිරිසක් කළ කැත වැඩේ.(PHOTOS)

Police spokesman Sri Lanka Police Death
By Aruna Jan 07, 2024 08:42 AM GMT
Aruna

Aruna

Report

නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් පසුගිය දා ජීවිතක්ෂයට පත් වූ තරුණියකගේ භූමදාන කළ මළ සිරුර කිසියම් පිරිසක් විසින් හොර රහසේ වළෙන් ගොඩගත් පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස ගොඩගෙන ඇත්තේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බණ්ඩාරවෙල, බදුලුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි රශ්මිකා නදීශානී නැමැති 25 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණියගේ අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා (04) පස්වරුවේ බදුලුගස්තැන්න පොදු සුසානභූමියේ දී සිදුකර ඇති බව වාර්තා වේ.

තරුණියගේ හත් දවසේ දානමය පිංකම හෙට (08) දිනට දී ඇති අතර, ඊට පෙර ඇයගේ පියා විසින් සොහොන පරීක්ෂා කිරීමට සඳහා අද (07) උදෑසන එහි ගොස් ඇත.

එම අවස්ථාවේ දී සිරුර මිහිදන් කළ වළෙන් ගොඩගෙන එය නිරුවත් කර තිබූ ආකාරය තරුණියගේ පියා හට දැකගැනීමටයි හැකිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට තරුණියගේ පවුලේ ඥාතීන් කටයුතු කර ඇති අතර, බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

Sponsored By Sarrita Jewellery

25 හැවිරිදි සුරූපී තරුණියකගේ මිහිදන් කළ මළ සිරුරක් පිරිසක් එක්ව ගොඩ ගෙන නිරුවත් කරයි..අමනයින් පිරිසක් කළ කැත වැඩේ.(PHOTOS) | A Dead Body Of A Young Woman Is Exposed

GalleryGallery
ReeCha