ගම්පොළ අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක් තුළ පුද්ගල මළ සිරුරක්....(VIDEO)
Police spokesman
Sri Lanka
Death
Education
By Hashini
ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.
ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එසේ සොයාගෙන තිබෙනවා.
ගම්පොළ පොලිස් ස්ථානයට ඊයේ (13) සවස් කාලයේදී ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබීමත් සමඟ ගම්පොළ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෘත ශරීරය ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

නගරයක් මැද සියල්ලන් බලා සිටිය දී ම පුද්ගලයෙක්ට බිහිසුණු කඩු ප්‍රහාරයක් - බේරෙන්න දිවයන අතරතුර එකවරම ඔහු ඇද වැටෙයි.. සියල්ල CCTV වල පටිගත වෙලා?. එහි සිදුවුණ දෙය..
