දත්ත රැසකට හානි කරමින් මෙරට රාජ්‍ය ආයතනවලට එල්ල වූ සයිබර් ප්‍රහාරය.
පසුගිය අගෝස්තු 26 වෙනිදා මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාරයෙන් දත්ත රැසකට හානි වී තිබුණා.
මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් CIDය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් කියා සිටියේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම ප්‍රහාරය හේතුවෙන් රජයේ ආයතන රැසක දත්ත අහිමිවී ඇති අතර කෙසේ වෙතත් මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවයි.
මේ අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන්ද වාර්තා කැඳවා ඇති අතර මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම විමර්ශන සිදු කරනු ඇති.