ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලාද? - බාලවයස්කාර දැරියක් ගබ්සා කරලා කළ අපරාධයක්.
වයස අවුරුදු 13ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, අදාල දැරිය ඇයගේ මවගේ අනියම් සමියා අතින් ගැබ් ගෙන ඇති බවයි.
එම දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව මුලතිව් නගරයේ වෛද්‍යවරයෙකු හමු වී ඇයට ගබ්සාවක් සිදු කරගෙන ඇත.
ඉන් පසුව දැරියගේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීමෙන් පසුව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය වෛද්‍යවරයෙකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව එම වෛද්‍යවරයා විසින් මෙම සිදුවීම පිළබඳ මුලතිව් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
අදාල පැමිණිල්ලට අනුව ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාද, දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයාද පොලීසිය විසින් අත්අඩංගුව ගැනුණා.
දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකරුවන් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
