තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්. - 20යි 20 ටත් චාන්ස් එකක්.
හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ, අනුව ප්‍රේක්ෂකාගාරයේ C හා D කොටස්වල ඉහළ සහ පහළ ආසන (C&D Upper and Lower Stands) මෙසේ ප්‍රේක්ෂකයන්ට විවෘත කර ඇති අතර ප්‍රේක්ෂකයන්ට ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිතයි.
එමෙන්ම 20යි 20 තරගාවලිය නැරඹීම සඳහා www.srilankacricket.lk වෙතින් හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි බව ද වාර්තා වෙනවා
මේ අනුව ප්‍රවේශ පත්‍ර කවුළුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා විවෘත ව තැබෙන බවයි වාර්තා වන්නේ.
20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනවල කොළඹ ආර්,ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
Sponsored By Sarrita Jewellery
