තිරුපති දෙවියන් ලංකාවට වඩී - තිරුපති කෝවිලේ ශාඛාවක් ලංකාවට.

India Tirupathur
By Wayomi Mar 31, 2024 06:33 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29) මෙරටට පැමිණීමට නියමිතව තිබුනා.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ තිරුපති කෝවිල පිහිටා ඇති අතර වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්. 

ReeCha