රුහුණු කතරගම පෙරහැර බලන්න එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

Report

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ , මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින් ය.

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

 

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ සිට කිලෝමීටර් 1.6ක අර්ධ විෂ්කම්භයකින් වට වූ ප්‍රදේශය සහ සෙල්ල කතරගම පුල්ලෙයාර් කෝවිලේ සිට කිලෝමීටර් 0.4ක අර්ධ විෂ්කම්භයකින් වටවූ ප්‍රදේශය කඳවුරු ප්‍රදේශය ලෙස වෙන්කර ඇති බවයි.

ගැසට් නිවේදනයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකු විසින් හෝ ඇසළ උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී ඔබ කඳවුරු ප්‍රදේශය තුළ ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ වෙළෙඳසැලක් ඉදි නොකළ යුතු බව ද සඳහන් ය.

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඊට අමතරව මැණික් ගඟේ දිය නෑම,රථ වාහන ගාල්කර තැබීම , වෙළඳාම් කිරීම ආදී කටයුතු සඳහාද අදාළ ගැසට් නිවේදනය මගින් රෙගුලාසි පනවා තිබෙනවා.

පූජා භූමිය තුළ පනවා ඇති රෙගුලාසි අනුගමනය කරමින් කිසිවෙකුටත් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ඇසළ උත්සවයට සහභාගි වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඉරානයෙන් දැඩි ප්‍රකාශයක් ඉදිරිය අපට දුෂ්කර බව ඊශ්‍රායල පවසයි

ඉරානයෙන් දැඩි ප්‍රකාශයක් ඉදිරිය අපට දුෂ්කර බව ඊශ්‍රායල පවසයි