අද සිට සෑම කොට්ඨාසයකටම අවදානමක් – රතු නිවේදනයක් නිකුත් කෙරේ

Report

මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් ඌරන් අවදානම් සතුන් ලෙස නම් කර ඇත.

පසුගිය (13) වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

අප්‍රිකානු සූකර උණ රෝගය, පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.

ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන, අසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම තහනම් වේ.

ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් !

ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් !

තවද ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම අසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් වේ.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්