ආපු පැමිණිලිවලින් 89%ක ප්‍රශ්ණ විසදුවා - ඇමති මහින්ද ජයසිංහ
කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ ගත වූ 2025 වසරේදී කම්කරු දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් වූ පැමිණිලි වලින් 89 %කට වැඩි ප්‍රතිශතයක් එම වසරේදීම විසඳා අවසන් කෙරුණු බවයි.
එමෙන්ම අදාළ පැමිණිලි වලින් කිහිපයක් පමණක් සඳහා මාස 12 කට වැඩි කාලයක් ගතව ඇති බවත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන් ඒවා විසඳීමට මෙලෙස කාලයක් ගතව ඇති බවත් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.