විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෝ 650 ක් ශ්‍රීපාදය කරුණා කරති
සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත, දෘෂ්ටි ආබාධිත, ශ්‍රවණ ආබාධිත සහ කථන ආබාධිත පුද්ගල 650 දෙනා ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටම නොමිලේ ශ්‍රී පාදස්ථානය කරුණා කර ආපසු නිවෙස්වලටම ගෙන හැරීමේ පිංකමක් සිදුකරන ලදී.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි සනත් අත්තිඩිය නමැති ඉංග්‍රීසි බාහිර පන්ති ගුරුවරයා විසින් මෙම පිංකම සෑම වසරකම සංවිධානය කරන අතර, මෙවර 09 වැනි වතාවට මෙය සිදුකර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික් 25ක්ම තෝරාගත් ආබාධිත පිරිස බස් රථ 14කින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, ඔවුන් තවත් පුද්ගලයින් රැසක සහයෝගය මත ශ්‍රී පාදස්ථානය වන්දවා ආපසු නිවෙස්වලට හැරැවීමට හැකිවිය.
මෙම පිංකමට එක්වූ සනත් අත්තිඩිය මහතා සඳහන් කළේ, ආබාධිත පිරිසට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ආහාරපාන නොමිලේ ලබා දී ඇති අතර, ශ්‍රී පාදය කරුණා කිරීමට සහ ආපසු නල්ලතන්නියට ආපසු එම කටයුතු සාමාන්‍ය වන්දනාකරුවකුට ගතවන කාලයට වඩා වැඩි කාලයක්, පැය 20–24ක් ගතවී ඇති බවයි.
ඇතැම් පුද්ගලයින්ව ශ්‍රී පාද උඩමළුව දක්වා ඔසවාගෙන යෑමට සිදු වූ අතර, ඒ සඳහා අධ්‍යාපනය ලබාදුන් ආදි සිසුන්, වර්තමාන සිසුන් සහ වසර කිහිපයකට පසු සහයෝගය දක්වන ඇල්පිටිය හිපංකන්ද සමාධි පිරිවනේ ශිෂ්‍ය භික්ෂූන් 60 දෙනා ඇතුළු දහසක් පමණ දෙනාගේ පූර්ණ සහයෝගය හිමිවී තිබේ.