රුපියල් 5000සේ දීමනාව ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් හෙළිවෙයි...
Covid
5000 allowance
By Aruna
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේදී නියමිත මුදල ඉක්මවා ගෙවීම් කර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.
ඒ, ජාතික විගණන කාර්යාලය කළ විගණනයේදීයි.
අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙන බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ කරමින් එම දැනුම්දීම සිදුකර තිබෙනවා.
බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල එම විගණනය කළ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |