මළ සිරුරු එළියට ගත් විදිය හිතාගන්නවත් බෑ...සිසුන් ඇතුළු පස් දෙනෙකු බිලිගත් ඇඟ හිරිවැටෙන බිහිසුණු අනතුර..

India Accident Latest Headlines School Children
By Sewvandhi Oct 14, 2024 12:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ කාන්පූර්හි සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක හදිසියේ තිරිංග තද කිරීම නිසා පසුපසින් පැමිණි මෝටර් රථයටද තිරිංග තද කර ඇති අතර එහි දී අවාසනාවන්ත ලෙස වාහන දෙකටම පිටුපසින් පැමිණි ට්‍රේලරයක් මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදු වූ ස්ථානයේදීම මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් සිසුන් 04 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මෝටර් රථයට සිදු වූ දැඩි හානිය නිසා එහි සිටි සියලුදෙනා රථයට සිරවී සිට ඇති අතර මළ සිරුරු ලබාගැනීමට මෝටර් රථය කපා වීදුරු කුඩු කිරීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත් ටිපර් රථයේ සහ ට්‍රේලරයේ රියදුරන් අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවයි.