මිනිසුන් ලක්ෂ 3කට වසරකදී සිදුවන දේ

By Mithu Apr 12, 2025 02:18 AM GMT
Report

 වසරකට පුද්ගලයන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් සත්ත්ව සපාකෑම්වලට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කරයි.

වසරක දී පුද්ගලයන් 250,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් සුනඛයන්, බළලුන්, රිළවුන්, වඳුරන් ආදී සතුන්ගේ සපා කෑම්වලට ලක්වන බවත්, වසර 2028 වන විටදී මෙම සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි දළ වශයෙන් පුරෝකථනය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ගිය 2023 වසරේ දත්තවලට අනුව සතුන්ගේ සපාකෑම්වලට ලක්වූ පුද්ගලයන් 116,000 ක් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති බවට තොරතුරු වාර්තා වන බවද ඔහු පැවැසීය.

සතුන්ගේ සපාකෑම්වලට ලක්ව පෞද්ගලික අංශයෙන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන බවද ඔහු සඳහන් කළේය. නරි, වලසුන්, කිඹුලා වැනි සතුන්ගෙන්ද පුද්ගලයන් පහර කෑමට ලක්වන බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කියා සිටියේය.

මීට අමතරව සතුන්ගේ හැසිරීම් මාර්ග අනතුරුවලටද හේතුවන බව ඔහු පැවැසීය. දඩාවතේ යන සුනඛයන් යම් ප්‍රමාණයක් සිටියද, නිවාසවල ඇති කරන සුනඛයන්ද මාර්ගවල වැඩිපුර ගැවසෙන බවත්, මෙම සතුන් පාරට පැනීමේ දී වාහනවල ගැටී අනතුරට ලක්වන බවත් ඔහු පැවැසුවේය.

මේ නිසා වැඩි වශයෙන් අනතුරට ලක්වන්නේ යතුරුපැදි සහ පාපැදි බවද ඔහු කීවේය. සත්ත්ව ගහනය ඉහළ යෑම, සතුන් වැඩිවීමට තිබෙන අවස්ථා සීමා කිරීමට කටයුතු නොකිරීම, සතුන්ගෙන් ආරක්ෂාවීම සම්බන්ධ නොදැනුවත්කම යන කාරණා මත සත්ත්ව සපාකෑම් වාර්ෂිකව ඉහළ යෑමේ තත්ත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

වන සතුන්ගෙන් හා දඩාවතේ යන සතුන්ගෙන් සිදුවන හානි ,සපාකෑම් අවම කිරීමේ නව ප්‍රවේශයක් හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ආරම්භ කර ඇත. දඩාවතේ යන සුනඛයන්, වීදි සුනඛයන්, රිළවුන්, වඳුරන්, නරි, වනඅලි ඇතුළුව සමස්ත සතුන්ගෙන් මානවයාට සිදු වන හානි අවම කර ගැනීම සම්බන්ධව මෙම වැඩසටහනේ දී අවධානය යොමුකර තිබේ.

නිසි අවධානය යොමු වුණහොත් සිදුවන හානිය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.