ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්
ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැව් ගමන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට නොහැකි වී ඇත්තේ ඉරානය විසින්ම ඇති කරගත් ගැටලුවක් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
යුද්ධය මධ්‍යයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම අවහිර කිරීම සඳහා ජල මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බ ඔවුන් යොදවා තිබූ සියලුම නාවික බිම්බෝම්බ සොයා ගැනීමට නොහැකි වීම සහ ඒවා ඉවත් කිරීමට තාක්ෂණික හැකියාවක් නොමැති වීම බව සොයා ගැනීමට ඉරානයට නොහැකිව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගෙන යන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉක්මනින් නැවත විවෘත කර ඒ හරහා වැඩි ගමනාගමනයකට ඉඩ සලසන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලීම් කර ඇත.
නමුත් සත්‍ය නම් ඉරානයේ කොන්දේසිය වූ ලෙබනනයට සිදු කරන ප්‍රහාර නතර කල යුතු බව කියන කොන්දේසිය කඩ කරමින් ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම සටන් විරාමය අවිනිශ්චිත වී ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන මෙන් සහ සටන් විරාමයක් අවශ්‍ය බව ඇමරිකාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් නැවතත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කළේය.
ඉරානය පවසා සිටින්නේ යුද්ධය හෝ සටන් විරාමය යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙසත් සටන් විරාම ඉල්ලමින් ප්‍රහාර එල්ල කිරීම නුසුදුසු බවත්ය.