2025 නව වසරේ ඔබයි ඔබේ පවුලේ අයයි කළ යුතුම දේවල්..
දැනගෙන ඉන්නම ඕනි ටිප්ස් ටිකක් මෙන්න වර්තමානයේ මේ වන විට තිබෙන්නේ ඉතාම අර්බුදකාරි ආර්ථික තත්වයක්. මේ නිසා පවුලේ වියදම් සිදු කරමින් සිය පවුල ආර්ථිකමය වශයෙන් කළමනාකරණය කරගෙන්මේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්.
මේ තත්වයත් එක්ක අපි අපි ආර්ථිකය පවුල තුළ කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ පිළිබදව අවදානය යොමු කිරීමේදි ප්‍රධාන වශයෙන් අවදානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා.
1. ඔබේ ආදායම සහ වියදම මාසිකව සටහන් කර ගැනීම
එහිදි ඔබ කළ යුතු වන්නේ ඔබට කොපමණ ආදායමක් මාසිකව ලැබෙනවාද කියන කාරණය සමගම ඔබේ ජීවිතේ වැදගත්ම අත්‍යවශ්‍ය වියදම් සටහන් කර ගැනීමයි. මෙහිදි wants සහ needs ලෙස ඔබට අවශ්‍ය වියදක් සහ අත්‍යවශ්‍ය වියදම් වෙන වෙනම සටහන් කරගැනීම ඉතාම වැදගත් වෙනවා.
මෙහිදි අත්‍යවශ්‍ය වියදම් වලට සහ අවශ්‍ය වියදම් වලින් හැකිතාක් ප්‍රවේසම්සහගතව මුදල් යෙදවීම ඉතාම වැඩගත් වෙනවා. ඒ අනුව ඔබට ඉතුරු කළ හැකි මුදල පිළිබදව ඔබගේ ආදායම අනුව අවබෝදයක් ලබා ගැනීමට හැකිවෙනවා.එමගින් ඔබට අනවශ්‍ය වියදම් කපා හැරීමටත් හැකියාව තිබෙනවා.
2. හදිසි වියදම් අරමුදලක් නිවස තුළ පවත්වා ගැනීම
අපිට හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන්නේ නොසිතු අවස්ථාවන්වලදි එම නිසාම ඔබේ වියදම් වගේම හදිසි අරමුදලක් වෙත මුදල් ප්‍රමාණයක් සෑම මාසයකම වෙන් කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඕනෑම අයෙකුට හදිසියෙ අසනීපයක් හෝ ඕනෑම හදිසි අවස්ථාවක් නිවස තුළ ඇතිවෙන්න පුළුවන්.
3. මුදල් වියදම් කිරීමට පෙර ඉතිරි කිරීම
බොහෝ දෙනෙකු පුරුදුවී සිටින්නේ මුදල් වියදම් කර අවසානයේ යම් කිසි මුදලක් ඉතිරි කිරීමටයි. නමුත් ඉන් සිදුවන්නේ සියලු දේට මුදල් ඉතිරි කළ පසුව මුදල් ඉතුරු කිරීම සෑම මාසයකින්ම කල් දැමීමයි. ඒ නිසාම ඔබේ වියදම් පිළිබදව අවබෝදයකින් යුතුව සෑම මසකම ඔබේ ආදායම හෝ වැටුප ඔබට ලැබුණු පසුම වියදම් කිරීමට පෙර කොටසක් ඉතුරු කිරීමයි.
4. ඔබේ ගෙවීම් නියමිත පරිදි සිදු කරන්න
ඔබේ ගෙවීම් නියමිත පරිදි සිදු කිරීම ඔබේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ඉතාම වැදගත්. එමගින් පසුව එකතු වෙන බිල් ගෙවීමේදි ඉබට මග හැරෙන අත්‍යවශ්‍ය වියදම්වලට අවදානය දෙන්න හැකි වෙනවා.
5. ඉතිරු කළ කොටසක් ආයෝජනය කිරිම
මේ වන විට මුදල්වල වටිනාකම දිගින් දිගටම අපේ රටේ හීන වෙමින් පවතිනවා. ඒ නිසාම මුදල් හොද ආයෝජනයක් සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ සදහා කොටස් වෙළෙදපොල එසේත් නැති නම් රත්‍රන් ඉඩම් වැනි දෙයක් වෙත යම් ආයෝජනය සිදු කිරිමට හැකිනම් ඉතාම වැදගත්.
6. පවුලේ සාමාජිකයන් දැනුම්වත් කිරීම
පවුලේ සාමාජිකයන්ව අත්‍යවශ්‍ය සහ අවශ්‍ය වියදම් පිළිබදව දැනුම්වත් කිරීම ඉතාම වැදගත් වෙනවා. එහිදී මූලිකවම වැදගත් වෙනදෙයනම් ඔබේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට Needs සහ Wants හදුනා ගැනීමටත් ඒ අනුව වියදම් කිරීමටත් හැකියාව ලබා දෙනවා.
You may like this video 👇