හෝමුස් හරහා යන්න පාකිස්තාන නැව් 20කට අවසර

Report

 පාකිස්තාන ධජය සහිත නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා අවසර ලබාදීමට, ඉරානය එකඟ වූ බව  පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින්  ප්‍රකාශ කර තිබේ .

මෙම එකඟතාවය යටතේ පාකිස්තාන නැව් දෙක බැගින් දිනපතා මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කරනු ඇති බව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් Xහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

  "මෙය ඉරානය විසින් ගන්නා ලද ඉතා සාධනීය සහ සහයෝගී පියවරක් වන අතර එය අගය කළ යුතුය...මෙය සාමයේ පෙරනිමිත්තක් වන අතර කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීමට උපකාරී වනු ඇත." ලෙස ඩාර් එහිදී සදහන් කරයි .

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම පියවර උණුසුම් තත්ත්වයන් සමනය කිරීම සඳහා තැබූ අර්ථවත් පියවරක් බවත්, සාමය සඳහා වන උත්සාහයන් ශක්තිමත් කිරීමට එය හේතු වන බවයි .

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවෝ වීදිබසී - ‘No kings’ දැවැන්ත විරෝධතා

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවෝ වීදිබසී - ‘No kings’ දැවැන්ත විරෝධතා

අධිකරණයේ දැවන්ත වෙනසක් – කඩදාසි වෙනුවට විද්‍යුත් පද්ධතිය මත නඩු අසයි

අධිකරණයේ දැවන්ත වෙනසක් – කඩදාසි වෙනුවට විද්‍යුත් පද්ධතිය මත නඩු අසයි