මෙරට ළමුන්ගේ අසභ්‍ය දර්ශන 17,629ක් අන්තර්ජාලයට...
Police
Sri Lanka
Ajithi Rohana
17-629-child-pornography-on-the-internet
By Aruna
ළමුන් අශ්ශීල දර්ශන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිටුවා ඇති ඒකකයක් මගින් පසුගිය ජුනි මස 17වන දින සිට ඊයේ (28) දක්වා එවන් අවස්ථා 17,629ක් පමණ හඳුනාගෙන තිබෙනවා.
එම දර්ශන අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් සෙවීම සඳහා අද (29) සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
