මාලිමාවේ දේශපාලන ක්‍රියාකරුවෙක් මත් ද්‍රව්‍ය පාර්සල්වල අලවන ස්ටිකර් ප්‍රින්ට් කරලා - ප්‍රේමනාත් සී. දොලවත්ත

Report

පොලිසිය විසින් හදුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු සකස් කරන ස්ථානය පිළිබඳ කරුණු රැසක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ඊයේ (16) හෙළි කළේය.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සිකුරාදා (14) ගල්කිස්සේ පිහිටි මෙම සලකුණු නිර්මාණය කරන ස්ථානය වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සඳහන් කරේ, එම ආයතනයේ හිමිකරු ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවයි. තවද, සැකකරු මීට පෙරත් කූට ලේඛන සකසා වරදකරුවෙකු ලෙස අත්අඩංගුවට ගොස් තිබූ අයෙකු බවත් පොලීසිය පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරේ,

"දෙහිවල ගල්කිස්ස සංවිධායක තමයි ටෝනි මොහොමඩ්. ඔහු නැවත වතාවක් NPP මාලිමා සුසංයෝගයෙන් හෙරොයින්, අයිස්වල සහසම්බන්ධය තීව්‍ර කරමින් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට අරන්. දෙහිවල ගල්කිස්ස සංවිධායක ධුරය දරපු කෙනා NPP එකේ නෙමෙයි කියලා කියන්න විදියක් නෑ. හැබැයි NPP හා JVP එකෙන් අයින් කරලා ප්‍රකාශයක් කරයිද දන්නෑ... පොහොට්ටුවට, නාමල් රාජපක්ෂට ඇඟිල්ල දිගුකළේ. අද අවාසනාවන්ත ලෙස ඒක පාරාවළලක් වෙලා තමන්ගේම ඇඟට කඩන් වැටිලා"

යනුවෙනි.මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි