විශාල පෙරලියක් - මහෙස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව සදහන් කරන්නේ, සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බවයි.
මෙම මාරුවීම් මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් ලබා දී ඇත.
ඊට අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහෙස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහෙස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙතත් ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහෙස්ත්‍රාත් එන්.ඩී.ගුණරත්න මහතා, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා ඇත.

තිරිසන් සතා කිව්වේ ඕකනේ - සත්තු වත්තේ හැමදාම කෑම දීලා ආදරෙන් බලාගත්තු මනුස්සයව සිංහයෝ හතක් කෑලි කරලා
අධිකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි.එස්.පතිරණ මහත්මිය බලපිටිය මහෙස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ලෙස මාරු කල බවයි.
එමෙන්ම මෙම ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහෙස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.