ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙරට ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවයි.
රත්නපුර දිස්ත්‍රිත්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනට එක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ සැප්තැම්බර් 26 වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවයි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමටද බලාපොරොත්තු වේ.
වර්තමානය වනවිට පවතින ප්‍රධානම අභියෝගය බෝ නොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ආරෝග්‍යා සුව සායන පවත්වන බවත් බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සඳහා යොමුවන්නන් ඉතා සීමිත පිරිසක් බව පෙන්වා දෙන අතර අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලට යොමු වුවද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ඉතා අඩු පිරිසක් වන බවත් එයින් ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගනු ලබන්නේද ඉතාම සීමිත පිරිසක්ද වන බවය.
තවද ඉදිරි වසර කිහිපයකින් පසු මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි ජනගහනය බවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍ය වැනි කරුණු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරමින් මෙවැනි ජංගම සායන දීප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් පවත්වන බව ද පවසයි.