ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Report

ඉරාන යුද්ධයට අදාළ වීඩියෝ දර්ශන බෙදාහැරීම හේතුවෙන් VICE, HuffPost සහ Al Jazeera යන ආයතනවල සේවය කර ඇති කුවේට්-අමෙරිකානු මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින්  කුවේටයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන සහ අනෙකුත් සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් දැඩි පියවර ගනිමින් සිටින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සඳහන්.

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඉරාන නැව් දෙක ආපසු හැරවෙයි

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඉරාන නැව් දෙක ආපසු හැරවෙයි

යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ෂිහාබ්-එල්ඩින් සිය 'Substack' ගිණුම සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහදා ගත් නමුත් මාර්තු 2 වැනිදා සිට ඔහු තොරතුරු පළ කිරීම හදිසියේම නතර කර තිබුණා. ඔහු එම අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන් හමුවීමට කුවේටයට පැමිණ සිටි අතර, ඔහු සති හයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවන බව ඔහුගේ මිතුරන් විශ්වාස කරන බව සඳහන්.

ඔහු නිදහස් කර ගැනීමට මහජන සහයෝගය උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු මෙම කරුණ ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. "අහමඩ් ෂිහාබ්-එල්ඩින් වහාම නිදහස් කරන ලෙසත් ඔහුට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි කුවේටයෙන් ඉල්ලා සිටිනවා," යැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ කලාපීය අධ්‍යක්ෂ සාරා කුඩා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. අසත්‍ය තොරතුරු පැතිරවීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම සහ ජංගම දුරකථනය අවභාවිත කිරීම යන චෝදනා බලධාරීන් විසින් ඔහුට එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

ඉරානෙට ඇමරිකාවෙන් තවත් ලෙඩක් දායි - සහන කාලය අලුත් කරන්නේ නෑ

ඉරානෙට ඇමරිකාවෙන් තවත් ලෙඩක් දායි - සහන කාලය අලුත් කරන්නේ නෑ

CNN පුවත් සේවය මේ සම්බන්ධයෙන් කුවේට් රජයෙන් අදහස් විමසීමට උත්සාහ කර ඇතත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත. ෂිහාබ්-එල්ඩින් බෙදාගත් දර්ශන දැනටමත් ප්‍රසිද්ධියට පත් වී තිබූ ඒවා බව ඔහුගේ මිතුරන් පෙන්වා දෙනවා. උදාහරණයක් ලෙස, ඔහු බෙදාගෙන තිබුණේ කුවේටයට ඉහළින් පියාසර කළ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන CNN වීඩියෝවක්. කෙසේ වෙතත්, "මිසයිල හෝ අදාළ ස්ථානවලට සම්බන්ධ කිසිදු දර්ශනයක් හෝ තොරතුරක්" ඡායාරූප ගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කුවේට් නිලධාරීන් මීට පෙර පුරවැසියන්ට අනතුරු අඟවා තිබුණා.

මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මිසයිල ප්‍රහාරවල ඡායාරූප බෙදාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවටයි වාර්තා රැසක් ලැබී ඇත්තේ. ෂිහාබ්-එල්ඩින් දශකයකට වැඩි කාලයක් ප්‍රසිද්ධ මාධ්‍ය පෞරුෂයක්ව සිටි අයෙකු බැවින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.

2011 වසරේදී ඔහු Al Jazeera English නාලිකාවේ "The Stream" වැඩසටහනේ සම-නිර්මාතෘවරයෙකු සහ සම-නිවේදකයෙකු ලෙස කටයුතු කළ අතර HuffPost සජීවී විකාශන ජාලය ආරම්භ කිරීමට ද දායක වී ඇති බව සඳහන්. ඔහු CNN ඇතුළු ප්‍රමුඛ පෙළේ නාලිකා රැසක ආරාධිතයෙකු ලෙස ද පෙනී සිට තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා

ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා