ඉරානෙට ඇමරිකාවෙන් තවත් ලෙඩක් දායි - සහන කාලය අලුත් කරන්නේ නෑ

Report

මුහුදේ ඇති ඉරාන තෙල් නැව් සඳහා පනවා ඇති සම්බාධකවලින් ලබා දී තිබූ දින 30ක සහන කාලය මෙම සතියේදී අවසන් වන නමුත්, එය තවදුරටත් අලුත් නොකිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇත.

එමෙන්ම රුසියානු තෙල් සඳහා ලබා දී තිබූ එවැනිම සහනයක් පසුගිය සති අන්තයේදී නිහඬවම අවසන් වීමට ඉඩ හැරි බව පරිපාලන නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. එක්සත් ජනපදය මේ වන විට ඉරාන වරායන්ගෙන් සිදුවන නැව්ගත කිරීම් සඳහා නාවික අවහිරතාවයක් පනවා ඇත.

මෙම පියවර හරහා භාණ්ඩාගාරය ඉරානයට එරෙහිව සිය උපරිම ආර්ථික ශක්තිය යොදවන බව සංඥා කරන බව නිලධාරියෙක් පවසා ඇත. මෙය ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) හමුදා මෙහෙයුමට සමගාමීව ගන්නා ලද්දකි.

ලෝකයටම සුභ ආරංචියක් - යුද්ධෙ අවසන් වීම ගැන ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්

ලෝකයටම සුභ ආරංචියක් - යුද්ධෙ අවසන් වීම ගැන ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්