ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා
ගෝලීය ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන ඉන්දීය දේශපාලන මැදිහත්වීම් විවේචනයට ලක් කරන විස්ඩන් සඟරාව, වර්තමාන තත්ත්වය අධිකාරීවාදී පාලනයක් සහිත ස්වරූපයක් ගන්නා බව පවසා තිබෙනවා. එක්සත් රාජධානිය පදනම් කරගත්, 1864 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති "විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇල්මනැක්" සඟරාව, ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් සිදුවීම් වාර්තා කරන වාර්ෂික ප්‍රකාශනයක් වන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ "බයිබලය" ලෙසයි සැලකෙන්නේ.
බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත එහි 163 වැනි වාර්ෂික සංස්කරණයේදී, සංස්කාරක ලෝරන්ස් බූත් විසින් ගෝලීය ක්‍රීඩාව තුළ පවතින අහිතකර සහ දේශපාලනීකරණය වූ ඉන්දීය ආධිපත්‍යය පෙන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සහ සභාපති ජේ ෂා යන දෙදෙනාම ඉන්දියානුවන් වනවා.
ජේ ෂා යනු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දීර්ඝකාලීන මිතුරෙකු වන අමිත් ෂාගේ පුත්‍රයායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වීමට පෙර නායකත්වය දුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය , ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ "ක්‍රීඩා අනුබද්ධිත අංශයක්" ලෙස විස්ඩන් හඳුන්වා දී තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ කෙටි යුධමය වාතාවරණයක් මධ්‍යයේ පැවැති 2025 ආසියානු කුසලානයට දේශපාලනය බලපෑ ආකාරය ද බූත් පෙන්වා දී තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා ගෝලීය ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන ඉන්දීය දේශපාලන මැදිහත්වීම් විවේචනයට ලක් කරන විස්ඩන් සඟරාව, වර්තමාන තත්ත්වය අධිකාරීවාදී පාලනයක් සහිත ස්වරූපයක් ගන්නා බව පවසා තිබෙනවා.
එක්සත් රාජධානිය පදනම් කරගත්, 1864 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති "විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇල්මනැක්" සඟරාව, ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් සිදුවීම් වාර්තා කරන වාර්ෂික ප්‍රකාශනයක් වන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ "බයිබලය" ලෙසයි සැලකෙන්නේ. බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත එහි 163 වැනි වාර්ෂික සංස්කරණයේදී, සංස්කාරක ලෝරන්ස් බූත් විසින් ගෝලීය ක්‍රීඩාව තුළ පවතින අහිතකර සහ දේශපාලනීකරණය වූ ඉන්දීය ආධිපත්‍යය පෙන්වා දී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සහ සභාපති ජේ ෂා යන දෙදෙනාම ඉන්දියානුවන් වනවා. ජේ ෂා යනු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දීර්ඝකාලීන මිතුරෙකු වන අමිත් ෂාගේ පුත්‍රයායි.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වීමට පෙර නායකත්වය දුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය , ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ "ක්‍රීඩා අනුබද්ධිත අංශයක්" ලෙස විස්ඩන් හඳුන්වා දී තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ කෙටි යුධමය වාතාවරණයක් මධ්‍යයේ පැවැති 2025 ආසියානු කුසලානයට දේශපාලනය බලපෑ ආකාරය ද බූත් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම එහිදී දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා අතර අතට අත දීම පවා ද ප්‍රතික්ෂේප කර තිබුණා. "දේශපාලනය සහ ක්‍රීඩාව එකට යා නොහැකි බවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි කළ ප්‍රකාශයට වඩා, 2025 වසරේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳ පැහැදිලි දෝෂාරෝපණයක් තිබිය හැකිද? ඔහු තම රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බව ඔහුට අමතක වී ඇති බව පෙනේ," යැයි බූත් සඳහන් කර තිබෙනවා.
එසේම පාකිස්තානය සමග පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජය ගැනීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි Xහි තැබූ සටහන ද බූත් විවේචනය කර ඇති අතර, මෝදි එහි සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා පිටියේ ඔපරේෂන් සින්දූර් . ප්‍රතිඵලය සමානයි - ඉන්දියාව දිනයි!" යනුවෙන්. සැබෑ ලෝකයේ සිදු වූ 'ඔපරේෂන් සින්දූර්' මෙහෙයුමෙන් දෙරටේම දස දහස් ගණනක් මිය ගිය බවයි බූත් සඳහන් කරන්නේ.
තවද, බංග්ලාදේශයේ හින්දු භක්තිකයන් ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති ඩොලර් මිලියනයක ගිවිසුමෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව නිදහස් කිරීම ද බූත් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා තිබෙනවා. මෙම සිදුවීමෙන් පසු බංග්ලාදේශ රජය සිය ක්‍රීඩකයින්ට ඉන්දියාවට යාමට අවසර නොදීම නිසා බංග්ලාදේශය මෙවර පිරිමි විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ද හේතු වුණා.
_අල්ජසීරා_