ආයෙත් යුද ගිනි - චීනය හා ගැටෙන ඇමරිකාව - චීන ටැංකි නැව් අවහිර කරයි
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන තෙල් ප්‍රවාහනය කරන චීන ටැංකි නැව් අවහිර කිරීමට එක්සත් ජනපදය පියවර ගන්නා බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර ඇත.
"ඔවුන්ට තෙල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන්ට වෙනත් ඕනෑම තැනකින් තෙල් ලබා ගත හැකියි, නමුත් ඉරාන තෙල් ලබා ගත නොහැක," යැයි බෙස්න්ට් වොෂින්ටන් ඩී.සී. හිදී පවසා ඇත.
අල්ජසීරා පුවත් සේවයට අනුව, ඉරානයේ තෙල්වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා චීනය, තෙල් තොග රැස්කර තැබීම සහ ඇතැම් භාණ්ඩ අපනයනය සීමා කිරීම වැනි ක්‍රියා හරහා "විශ්වාස කළ නොහැකි ගෝලීය හවුල්කරුවෙකු" ලෙස කටයුතු කරන බව පවසමින් ඔහු තවදුරටත් විවේචනය කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් චීන නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ඔහු පැවසූ නමුත්, මෙම ආරවුල මැයි මැද භාගයේදී සැලසුම් කර ඇති ට්‍රම්ප්ගේ බීජිං සංචාරයට බාධාවක් වේද යන්න පිළිබඳව පිළිතුරු දීමෙන් වැළකී සිට ඇති බවයි.