ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්
ඩීසල් සහ පෙට්‍රල් මත අය කරන බද්ද නවතා දැමීමට කැනඩා රජය තීරණය කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය මත ඉන්ධන සැපයුමට එල්ලවී ඇති බාධා හේතුවෙන් සැප්තැම්බර් මස 7 වනදා දක්වා මෙම තීරණය බලපැවැත්වෙන බව කැනඩා අග්‍රමාත්‍ය මාර්ක් කාර්නි නිවේදනය කර තිබුණි.
ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ එරට ව්‍යාපාරවලට සහ ට්‍රක්රථ මඟින් සිදුකරන ප්‍රවාහන කටයුතුවලට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම වැළැක්වීම මෙම තීරණයේ අරමුණ වේ.
ඊට අමතරව ගුවන් යානා ඉන්ධන සඳහා පනවා ඇති බදු ද අය කිරීම තාවකාලිකව නවතා දැමීමට කැනඩා රජය තීරණය කර ඇති බව සඳහන්ය.